ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සහ ආතර් සී ක්ලාක් මහතාගේ 17 වන ගුණ සැමරැම නිමිත්තෙන් පැවති වැඩසටහන.

මොරටුව, කටුබැද්ද ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40 ක් පිරීම සහ ආතර් සී. ක්ලාක් මහතාගේ 17 වන ගුණ සැමරැම නිමිත්තෙන් වැඩසටහනක්  ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගියදා පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සුමුදුර ධර්ම දේශනයක් ද පැවැත්විණි.

ආතර් සී. ක්ලාක් ආයතනයේ සුභසාධක සමිතිය මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේදී ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මැතිදුන්ගේ ඡායාරූපයට ආයතනයේ වත්මන් සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කමනි එදිරිවීර මහත්මිය විසින් මල්දමක් පලදා උපහාර පුදකල අවස්ථාව මෙහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *