ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව සැප්තැම්බර් 19 වනදා කක්ෂයට…
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව සැප්තැම්බර් 19 වන දා කක්ෂගත කෙරිණි. “BIRDS-X DRAGONFLY“ නමින් නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ “SPX33“ රොකට් මෙහෙයුම මගින්ජා ත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද අතර, එය සැප්තැම්බර් 19 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.20ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත සාර්ථකව මුදා හරිනු ලැබු අතර එම අවස්ථාව ආතර් සී ක්ලාක් ආයතනයේ දී සජීවීව නැරඹිමටද අවස්ථාව උදාවුණී.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ-1“ චන්ද්‍රිකාවත්, පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 05ක සහභාගිත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද “KITSUNE“ චන්ද්‍රිකාවත් අභ්‍යවකාශ ගත කිරීමෙන් අනතුරුව, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන “BIRDS-X Dragonfly“ පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත්සු විශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.
මෙහි එක් සුවිශේෂී කරුණක් වන්නේ, මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන්කි සිඳු ප්‍රාග්ධන පිරිවැයක් වැය නොවීමයි.
ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (JAXA) හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය (ARDC) යන අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගීතාවය සහිත ව, ආතර් සී ක්ලාක් ආයතනය සහ ජපානයේ “KYUSHU“ තාක්ෂණ ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ තාක්ෂණ සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සැලසුම්කොට, ඒ සඳහා අදාළ විදේශීය පාර්ශ්වයන්ගේ එකඟතාවය ලබා ගනිමින්, මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ආතර් සී ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ මෙරට අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘවරයා ද වන ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්නගේ මහතා විසිනි. ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික පර්යේෂණ ඉංජිනේරු කණ්ඩායම ඔහු විසින් මෙහෙය වන ලද අතර එහි අනෙක් සාමාජිකයන් වූයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ මෙහෙයුම්) ඉංජිනේරු කමනි එදිරිවීර මහත් මිය, සන්නිවේදන ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන, පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පර්යේෂණ ඉංජිනේරු කවීන්ද්‍ර සම්පත්, පර්යේෂණ ඉංජිනේරු උදිත ගයාන් සහ පර්යේෂණ විද්‍යාඥ තිළිණ විජේබණ්ඩාර යන අයයි.
“BIRDS-X DRAGONFLY“ පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතය. නැනෝ චන්ද්‍රිකා තුළ භාවිතය සඳහා ඉංජිනේරු තරිඳු දයාරත්න විසින් අඩු පිරිවැයක් යටතේ අලුතෙන් නිර්මාණය කරන ලද සන්නිවේදන උප පද්ධතියක් ද, තවත් සන්නිවේදන පර්යේෂණ මෙහෙයුමක් ද, චන්ද්‍රිකාවේ මූලික උප පද්ධති වලින් සැදුම්ලත් සමස්ත පොදු ව්‍යුහය වන බස් (BUS System) පද්ධතිය ද, අභ්‍යවකාශ තත්ත්වයන් යටතේ පරීක්ෂණයට භාජනය කිරීම ඊට ඇතුළත්ය.
මෙම එතිහාසික අවස්ථාව දැකබලා ගැනීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවාවි,ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් කුමාරි මීගහකොටුව, චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, විද්වතුන්, පාසල් සිසුන්ද සහාභාගී වූහ.
For more Details –
https://www.accimt.ac.lk/?p=8270
https://www.accimt.ac.lk/?p=8199